Senuka
by on February 4, 2020
5 views

 

පොල් වගා ප්‍රභේද 

4. කප්රුවන (CRISL 2004)

- කොළ කුන්දිරා හා සැන්රාමන් අතර දෙමුහුමකි.
- අවුරුදු 3-4 කදී ඵල දරයි.
- වසරකට හෙක්ටයාරයට ගෙඩි 20 000 ක් පමණ ලබා දේ.
- අඹකැලේ හා පල්ලම තවාන්වලින් ලබාගත හැක.

5. කප්සුවය (CRISL 2012)

- දුඹුරු කුන්දිරා හා ශ්‍රී ලංකා උස අතර දෙමුහුමකි.
- අවුරුදු 3-4 කදී පීදේ.
- වසරකට හෙක්ටයාරයට ගෙඩි 20,000 ක් පමණ ලබා දේ.
- පල්ලම පොල් පැළ තවානෙන් ලබාගත හැක.

6.කප්සෙත (CRISL 2013)

- දුඹුරු කුන්දිරා හා සැන්රාමන් අතර දෙමුහුමකි.
- පල්ලම පොල් පැළ තවානෙන් ලබාගත හැක.
- අවුරුදු 3-4 කදී පීදේ.
- වසරකට හෙක්ටයාරයට ගෙඩි 20 000 ක් පමණ ලබා දේ. (චායාරෑපය බලන්න)

7. මොරොක් උස (Moorock Tall)

- මාවතගම මොරොක් වත්තෙන් තෝරාගත් ප්‍රභේදයකි.
- තෙත් හා අතරමැදි කලාපයට නිර්දේශ කර ඇත.
- අවුරුදු 5-6 කදී පීදේ.
- වසරකට හෙක්ටයාරයට ගෙඩි 11 000 ක් පමණ ලබා දේ.

8.උසස් පොල් පැළ (Plus Palms)

බීජ පොල් උයන් මගින් ලංකාවේ පොල් පැළ අවශ්‍යතාවයෙන් 50% ක් පමණ සපයනු ලැබේ. ඉතිරිය උසස් ඵලදාවක් සහිත වතුවලින් තෝරාගත් මව් ශාකවලින් නිපදවයි.
- ලක්ෂණ CRIC 60 ට සමාන වේ.
- අවුරුදු 5-6 කදී පීදේ.
- වසරකට හෙක්ටයාරයට ගෙඩි 10 000-12 000 ක් ලබාගත හැක.

(මූලාශ්‍රය - පොල් වගාව පිලිබඳව පොල් පර්යේෂණ ආයතනය මගින් මුද්‍රිත පොත)
(චායාරෑප - පොල් පර්යේෂණ ආයතනයේ නිළ වෙබ් අඩවියෙන්)

Posted by Chamara Alahakoon 

ක්ෂේත්‍රයේ පැළ සිටුවිය යුතු පරතරයන් පිලිබඳව මීළඟ ලිපියෙන් ...

Be the first person to like this.